Home Hit රටේ ප්‍රමුඛස්ථානය කෘෂිකර්මාන්තයට ජනපති අනුරාධපුරයේදී කියයි

රටේ ප්‍රමුඛස්ථානය කෘෂිකර්මාන්තයට ජනපති අනුරාධපුරයේදී කියයි

89
0

රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති බැවින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට, දේශීය හා විදේශීය වෙළඳපොළට සැපයීමේ අවස්ථාව ගොවි ජනතාවට උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් බඩ ඉරිඟු , උඳු, මුං, කව්පි, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන ලෙසයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

පවතින ගැටලු සහ අඩු පාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

කෘෂිකර්මයේ නිරත ගොවි ජනතාව මුහුණ පාන පොහොර සහ ජල හිඟය ආදි ගැටලු නිරාකරණයට  රජය පියවර ගනිමින් සිටි. ගෙවීම් නොකිරීම නිසා පොහොර ආනයනය ප්‍රමාද වී තිබේ. අස්වැන්නට නිසි මිලක් සහ වෙළෙඳ පොළක් නොලැබීමෙන්  ගොවි ජනතාව අසරණව සිටිති. ගැටලු විසඳා ගොවි ජනතාව රැක ගන්නා බව ජනාධිපතිතුමා කියා සිටියේය.

මහමැතිවරණයට තරඟ කරන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳ ඊයේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ සිදු කළ චාරිකාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිිටියා.

කාබනික පොහොර භාවිතයට වැඩි වශයෙන් යොමු වීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here