Home Cricket සංගක්කාර ICC එකට සුදුසු නැද්ද කියන එක ඒ අය බලාගනියි – තිලංගට...

සංගක්කාර ICC එකට සුදුසු නැද්ද කියන එක ඒ අය බලාගනියි – තිලංගට තියෙන්නේ අශ්වයෝ බලාගන්න

576
0

කුමාර් සංගක්කාර ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟ පාවාදීමේ චෝදනාවක් පිළිබඳව සිදු කෙරුණු පරීක්ෂණයකට ප්‍රකාශ ලබා ගැනීමට කැඳවීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා අදහස් දක්වා සිටිනවා.

මහින්දානන්ද අළුත්ගමගේ මහතා ක්‍රීඩා ඇමතිව සිටි, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ පරීක්ෂණ නොකොට වසර 9කට පසු, ICC සභාපතිත්වය පිළිබඳව තරඟයක් පවතින සමයක ඉන්දියාවට වාසි සපයමින් කුමාර් සංගක්කාර මහතා අපහසුතාවයට පත් කිරීම පිළිබඳව එම මහතා ප්‍රශ්න කර සිටියි.

එමෙන්ම ක්‍රීඩකයන් කමිටුවට කැඳවන අතර කමිටුව ඇමති හමුවීමට නාවලපිටියට යාමට හේතුව මන්දැයිද එම මහතා විමසා සිටිනවා.

එමෙන්ම, කුමාර් සංගක්කාර මහතා හට ICC සභාපතිත්වයට සුදුසුකම් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව අදහස් දක්වමින් එම මහතා ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳව අයිසීසිය තීරණය කරනු ඇති බවත් තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වී අශ්වයන් බලා ගැනීම සුදුසු බවත් ය.

තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ තිලංග සුමතිපාල මහතා සභාපතිත්වය දරන සමයේදී ආරම්භ කළ විවිධ දූෂිත වැඩසටහන් සහ රහස්‍ය ගිණුම් පිළිබඳව කෝප් කමිටුවේදී හෙළි වූ බවත් ඒවා අවලංගු කිරීමට කටයුතු කළ බවත් ය.

සබැඳි පුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here