Home Coronavirus 2020 ඊයේ දිනයේ මෙරටින් Covid -19 අසාදිතයින් 07ක්

ඊයේ දිනයේ මෙරටින් Covid -19 අසාදිතයින් 07ක්

82
0

ඊයේ දිනයේ තවත් Covid-19 රෝගීන් 07 දෙනෙකු හදුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව‍ 2054 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් විදේශයන් හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (01) දිනය තුළ වාර්තා වූ රෝගීන් 07 දෙනාගෙන් සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවය.

එක්සත් රාජධානීයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් රෝගීන් බවට හඳුනා ගෙන තිබේ.

ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 295 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 1748ක් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here