Home Hit නාමල් කුමාර පොහොට්ටුවේ වේදිකාවට

නාමල් කුමාර පොහොට්ටුවේ වේදිකාවට

429
0

යහපාලන රජය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කල නාමල් කුමාර නමැති පුද්ගලයා පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවට ගොඩ වී තිබෙනවා.

2016 වන විට 2020 මේ රටේ ජනාධිපති විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ඔවුන් සතුව තොරතුරු තිබු බවත් ඒ වෙනුවෙන් කණ්ඩායමක් එකතු වී වැඩ කල බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති වීම කරා යන ගමනට ශක්තියක් වීමට ආශීර්වාදයක් වීමට බොහෝ පිරිසක් ඔවුන්ට හැකි අයුරින් කටයුතු කළ බවත් එහි ප්‍රතිඵලය ලෙස ඔහුට යම්කිසි දෙයක් කිරීමට හැකියාව ලැබුන බවත් එහි ප්‍රතිඵල ඉදිරියේදී බලා ගැනීමට හැකි බවද ඔහු මෙහිදී පැවසීය.

මෙවර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂකයකුගේ මැතිවරණ ප්‍රචාරණ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

නාමල් කුමාර පසුගිය යහපාලන රජය සමයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් ඇති බවට අනාවරණය කරමින් විවිධ හඬ පටයන් ප්‍රචාරය කරනු ලැබුවා.

නාමල් කුමාර නමැති පුද්ගලයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ පුහුණුව ලබන අතර වාරයේ පළා ගිය පුද්ගලයකු බව පොලිසිය සඳහන් කර තිබුණා.

නාමල් කුමාර 2009 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී පුහුණුව ලබන අතරවාරයේ පළා ගිය අයකු බවට කරුණු අනාවරණය වී තිබු අතර ඔහු නැවතත් 2011 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී පුහුණුව ලබන අතරවාරයේ පළා ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජනවාරි 02වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ ඉහත කරුණ සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී පවසා තිබුණා.

පසුගියදා මැතිවරණ ප්‍රචාරණ හමුවකට එක්වෙමින් නාමල් කුමාර පළකළ අදහස් පහතින්

මම හිරේ ගියේ මගේ ජාතිය වෙනුවෙන්

Posted by Newshub.lk on Wednesday, July 1, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here