Home Hit MCC ගිවිසුම නැති වුනොත් ඇ.ඩො මිලියන 480ක් ලැබෙන්න තියෙනවා, ඒක නැති...

MCC ගිවිසුම නැති වුනොත් ඇ.ඩො මිලියන 480ක් ලැබෙන්න තියෙනවා, ඒක නැති වෙයි – අමාත්‍ය බන්දුල

230
0

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ලක්සිරි ගුණරුවන් මහතා ප්‍රමුඛ කමිටුව මඟින් MCC සමාලෝචන කමිටු වාර්තාව පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා.

එහි සඳහන් පරිදි කොටස් දෙකකට මේ වන විට අත්සන් තබා ඇති බවට පවසන නමුත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා “ඇක්සා” සහ “සෝෆා” ගිවිසුම් පමණක් අත්සන් කර තිබෙන බව පැවසීම ගැටළු සහිත බව මාධ්‍යවේදීන් විමසා සිටියා.

ඒ පිළිබඳව අදහස් දැක්වීමට MCC සමාලෝචන වාර්තාව වැඩි දුරටත් අධ්‍යනය කළයුතු බවට මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියා.

ජනතාවට මේ පිළිබඳව දැනගැනීමට අන්තර්ජාලයට යොමුකර ඇතත් එහි සඳහන් ඇමුණුම් අන්තර්ජාලයේ නොමැති බවද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ කැබිනට් මණ්ඩලය එම වාර්තාව අධ්‍යනය කිරීමේදී එම ඇමුණුම් අවශ්‍යනම් ඒ පිලිබඳ විමසීමක් කරනු ලබන බවයි.

මෙම ගිවිසුම නැති වුනොත් රටට වන පාඩුවක් නොමැති බවත් ප්‍රදානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ලැබීමට නියමිත හෙයින් එය නැති වීම පමණක් සිදුවන බවත් එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

වන්දි ගෙවන්නැතිව එම්.සී.සී ගිවිසුම ඉරා දාන්ඩ පුළුවන්.

වන්දි ගෙවන්නැතිවඑම්.සී.සී ගිවිසුම ඉරා දාන්ඩ පුළුවන්.

Posted by Headline News on Thursday, July 2, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here