Home Hit හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ තිබී අත්බෝම්බ සහ තවත් ආයුද කිහිපයක් හමුවෙයි

හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ තිබී අත්බෝම්බ සහ තවත් ආයුද කිහිපයක් හමුවෙයි

86
0

හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 04ක් පිස්තෝලයක් සහ තවත් ආයුද කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අතුරුගිරිය ප්‍රදේශයෙන් සොයාගත් ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුවයි මෙම ආයුද තොගය සොයාගෙන ඇත්තේ.

ඊයේ (01) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී හෝමාගම – පිටිපන ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අතුරුදන් වූ බවට සැක කෙරෙන ටී 56 වර්ගයේ ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිසිය සොයාගත්තා.

මීට පෙර අදාළ වෙළඳසැලේ තිබී ටී 56 ගිනි අවි 11ක් ඇතුළු තවත් ගිනි අවි 12 ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගනු ලැබුවා.

කෙසේ වෙතත් පසුව අනාවරණ වී තිබුණේ එහි තිබූ තවත් ගිනි අවි 7 ක් අතුරුදන්වී ඇති බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here