Home Hit උපුල් තරංගට ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයට කැඳවීමක්

උපුල් තරංගට ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයට කැඳවීමක්

55
1

ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය විසින් අද උදෑසන 9ට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හට කැඳවීමක් කර තිබෙනවා.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය පාවා දී ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි මෙලෙස ඔහුට කැඳවීමක් කර ඇත්තේ.

මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (30) එම ඒකකය වෙත පැමිණි ශ්‍රී ලංකා හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පැය පහමාරකට ආසන්න කාලයක් දීර්ඝ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඉන් පිටතව ගොස් තිබුනා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here