Home Hit පාතාල සාමාජිකයකු වන ‘ගගන’ගේ ගෝලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

පාතාල සාමාජිකයකු වන ‘ගගන’ගේ ගෝලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

55
0

පාතාල කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරකගේ අනුගාමිකයෙකු වන ගගන නැමති පුද්ගලයාගේ මත්කුඩු ජාවාරමට සහය දැක්වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු මහරගම – ඇරැව්වල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(30) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් සන්තකයේ තිබී රජයේ උසස් නිලධාරින්ගේ සහ විවිධ ආයතනවලට අනුකූලව ව්‍යාජ ලෙස සකස් කරන ලද නිළ මුද්‍රා 21ක්, විවිධ මුද්‍රාවන් තැබූ ලිපි කට්ටල 5ක් සහ කේරළ ගංජා ග්‍රෑම් දෙකක් මෙන්ම ජංගම දුරකථනයක් ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු යුද හමුදාවෙන් පැන ආ සෙබලෙකු බවටයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here