Home Hit තරංග පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදෙයි

තරංග පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදෙයි

49
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට අද පෙරවරු 10.15ට පමණ පැමිණියා.

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි මොහු කැඳවා ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ පස්වරුවේ එම ඒකකයට පැමිණි අතර එහිදී ඔහුගෙන් පැය පහ හමාරක ප්‍රකාශයක් ලබා ගත්තා.

මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුගමගේ ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here