Home Hit හොර ඔප්පුවකින් ඉඩමක් විකිණූ 05 දෙනෙකුට වසර 67ක සිර දඬුවම්

හොර ඔප්පුවකින් ඉඩමක් විකිණූ 05 දෙනෙකුට වසර 67ක සිර දඬුවම්

181
0

ව්‍යාජ ඔප්පුවක් භාවිතා කරමින් ඉඩමක් විකිණීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය පුද්ගලයින් පස් දෙනෙකුට වසර 67 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග තවදුරටත් නියෝග කළේ රුපියල් එක්ලක්ෂ 30,000ක දඩයක් සහ ලක්ෂ 140 ක වන්දි මුදලක් පැමිණිලිකාර පාර්ශවයට ගෙවන ලෙසයි.

2012 වසරේ ඔක්තෝම්බර් 24 වනදා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 29 ක් සහිත අදාළ ඉඩමේ අයිතිකරු විදෙස් ගතවීමෙන් පසු ව්‍යාජ ඔප්පු සකස් කර විත්තිකරුවන් මෙලෙස වෙනත් පාර්ශවයකට විකුණා ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here