Home Health වසංගතයක් බවට පත්විය හැකි තවත් නව වෛරසයක් චීනයෙන් වාර්තා වේ

වසංගතයක් බවට පත්විය හැකි තවත් නව වෛරසයක් චීනයෙන් වාර්තා වේ

166
0

කොරෝනා ආසාදිතයෙකු පළමු වරට හමුවු චීනයෙන් වසංගතයක් බවට පත්විය හැකි තවත් නව උණ ප්‍රභේදයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන විද්‍යාඥයින් පවසන්නේ ඌරන්ගෙන් ව්‍යාප්ත වන මෙම උණ රෝගය, මිනිසුන්ට ද වැළඳීමේ හැකියාව ඇති බවයි.

2009 වසරේ චීනයේදී හඳුනාගත් සූකර උණ වෛරසයට සමානකම් දක්වන නමුත් මෙහි නව වෙනස්කම් දැකිය හැකි බව විද්‍යාඥවරු පෙන්වා දෙති.

මෙම නව වෛරසය නම් කර ඇත්තේ G4 EA H1N1 යනුවෙනි.

මෙය පුද්ගලයකුගෙන් තවත් අයෙකුට බෝවීමේ හැකියාව වර්ධනය විය හැකි බවත් , එසේ වුවහොත් එය ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇති බවටත් විද්‍යාඥවරු මත පළකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here