Home Coronavirus 2020 මුඛ ආවරණ පැළඳ නොසිටි 162ක් පොලිසියෙන් ස්වයං නිරෝධායනයට යොමුකරයි

මුඛ ආවරණ පැළඳ නොසිටි 162ක් පොලිසියෙන් ස්වයං නිරෝධායනයට යොමුකරයි

76
0

බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 162 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, මුඛ ආවරණ නිසියාකාරව පැළඳ නොසිටි පුද්ගලයින් 905 දෙනෙකු තරයේ අවවාද කර මුදා හැරීමට කටයුතු කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

ඊයේ පෙරවරු 6 සිට අද උදෑසන 5 දක්වා මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

මේ අතර, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ 402 නෙකු එම කාලසීමාව තුළ දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් 159 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවටයි.

ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 155ක්. අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සන්තකයේ තබා ගැනීම හේතුවෙන් පුද්ගලයින් 91 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here