Home Hit බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ ඉරෑ දැව හා දැව කඳන් තොගයක්...

බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ ඉරෑ දැව හා දැව කඳන් තොගයක් ලග්ගල දී අත්තඩංගුවට

51
0

අද (30) උදෑසන 6.45ට පමන ලග්ගල එලවනාකන්ද ප්‍රදේශයේදි සිදුකරන ලද මාර්ග මුරසංචාරය අතර තුර පරීක්ෂකරන ලද ටිපර් රථයක බලපත්‍ර රහිතව බිබිල ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි ඉරෑ දැව හා දැව කඳන් (තේක්ක සහ කුඹුක්) තොගයක් අත්තඩංගුවට ගැනීමට ලග්ගල අඩවියේ වන නිළධාරීන්ට හැකිව තිබෙනවා.

මෙම වැටලීමට ලග්ගල අඩවි වන නිළධාරි ගයාන් සුරේෂ් තිසේරා විල්ගමුව බීට්ටු වන නිළධාරී අජීත් ප්‍රසන්න ජයලාල් බත්ගම්පල වන ක්ෂේත්‍ර සහකාර සුරංග විජේරත්න හදුන්ගමුව වන ක්ෂේත්‍ර සහකාර දමින්ද ලංසකාර යන නිළධාරීන් සහභාගිවිය.

රියදුරු සහ සහයක යන සැකකරුවන් දෙදෙනා බී වාර්තා අංක B 363/2020 යටතේ නාඋල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව එක් අයෙකුට රැපියල් ලක්ෂය බැගින් වන ඇපකර දෙකකට යටත්ව මුදාහරින ලදි.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here