Home Hit ඉස්සර අපිට බුරියානි ඡන්දේ අලියාට – දැන් බුරියානිත් අපිට ඡන්දෙත් අපිට –...

ඉස්සර අපිට බුරියානි ඡන්දේ අලියාට – දැන් බුරියානිත් අපිට ඡන්දෙත් අපිට – අගමැති

109
0

Covid-19 වසංගතය මර්ධනය කිරීමේ සම්පූර්ණ ගෞරවය වෙන කිසිවකුට නොයන බවත් එහි ගෞරවය යන්නේ යන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූවේ ,ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දෙහිවල ප්‍රදේශයේ උත්සව ශාලාවක (29) දා සංවිධානය කර තිබූ, ශ්‍රී ලංකා මුස්ලිම් සම්මේලනය අමතමිනි .

“පසුගිය කාලයේ මුස්ලිම් ජනතාව පොහොට්ටුවට උදව් කළේ නෑ කියලා සමාජයේ මතයක් තිබුණා. නමුත් ඒක සම්පූර්ණ අසත්‍යක් එදා අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් අපි සමඟ අත්වැල් බැඳගත්තා.

ඔවුන්ට තර්ජනය කරමින් විවේචන කරමින් අපෙන් වෙන් කරන්න උත්සාහ කළ නමුත් ඒ උත්සාහය අසාර්ථක වුණු තැන, අසත්‍ය ප්‍රචාර කරමින් මුස්ලිම් ජනතාව නොමග යවන්නයි ක්‍රියා කලේ. අතරෙදි කතාවක් තිබුණා අපිට බුරියානි ඡන්දේ අලියාට කියලා,නමුත් දැන් කියන්න තියෙන්නේ බුරියානිත් අපිට ඡන්දෙත් අපිට කියලයි . ලෙස අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

කොරෝනා මර්ධනය කිරිමේ ගෞරවය ගෝඨාභය රාජපක්ෂට

Posted by Newshub.lk on Monday, June 29, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here