Home Hit තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

130
0

තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද සිදු කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ ය.

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා හෙට සහ අනිද්දා තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හැරේ.

මේ අතර ජාතික මැතිවරණ කොමිසන් සභාවේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ, ඉදිරි මහ මැතිවරණයේදී ඡන්දය සලකුණු කිරීම සඳහා ලබා දෙන කාලය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව ය.

මීට අමතරව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද හමුවීමට නියමිතව බව එම කොමිසම පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here