Home Hit අත්අඩංගුවට ගත් අයට “රණවිරුවන්” යැයි කීම රණවිරුවන්ටත් අපහාසයක් (VIDEO)

අත්අඩංගුවට ගත් අයට “රණවිරුවන්” යැයි කීම රණවිරුවන්ටත් අපහාසයක් (VIDEO)

69
0

පසුගිය ආණ්ඩු සමයේදී අත්අඩංගුවට ගත් හමුදා නිළධාරීන්ට “රණවිරුවන්” යැයි කීම රණවිරුවන්ටත් අපහාසයක් බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

වයස අවුරුදු 18-19 පමණ තරුණයන් පිරිසක් කාගේ හෝ උවමනාවකට පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ පුද්ගලයන්ට රණවිරුවන් යැයි කීම රණවිරුවන්ටත් කරන අපහාසයක් බව එම මහතා පවසයි.

පසුගිය ආණ්ඩුව සම්බන්ධයෙන් කෙරෙන තවත් චෝදනාවක් වන ස්වාමීන්වහන්සේලා සිරගත කිරීම සම්බන්ධව අදහස් දැක්වූ එම මහතා කියා සිටියේ එම ස්වාමීන් වහන්සේ අධිකරණයේදී විනිසුරුවන්ට අපහාස කිරීම නිසා සිරගත වූ බවත් ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුනේද පසුගිය ආණ්ඩුව සමයේදීම බවත්ය.

ඒක රණවිරුවන්ට කරන අවමානයක්..!

ඒක රණවිරුවන්ට කරන අවමානයක්..!

Posted by Headline News on Tuesday, June 30, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here