Home Hit ඉන්දියාවේ TikTok සහ WeChat ඇතුළු Apps 59 ක් තහනම් කරයි

ඉන්දියාවේ TikTok සහ WeChat ඇතුළු Apps 59 ක් තහනම් කරයි

231
0

බෙහෙ⁣වින් ජනප්‍රිය TikTok සහ WeChat ඇතුළු චීනයට සබඳතා ඇති apps 59 ක්, ඉන්දියාව විසින් තහනම් කර තිබෙනවා.

සති දෙකකට පෙර ඉන්දියානු චීන දේශ සිමාවන් වල ඇති වූ සටනින් ඉන්දියානු සෙබළු 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමහර ජංගම යෙදුම් මගින් පරිශීලකයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම සහ ඉන්දියාවෙන් පිටත සේවාදායකයන් වෙත සම්ප්‍රේෂණය කිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි.

“මෙම දත්ත සම්පාදනය කිරීම, ඉන්දියාවේ ස්වෛරීභාවයට හා අඛණ්ඩතාවයට බාධා පමුණුවන ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සහ ආරක්ෂාව සඳහා සතුරු මූලද්‍රව්‍යයන් විසින් එහි කැණීම් සහ පැතිකඩ සකස් කිරීම හදිසි පියවරයන් අවශ්‍ය වන ඉතා ගැඹුරු හා ක්ෂණික අවධානයට ලක්විය යුතු කරුණක් බව ඉන්දියාව කියයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here