Home Hit පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රාජකාරි ආවරණයට DIG අපොන්සු

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රාජකාරි ආවරණයට DIG අපොන්සු

62
0

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ. අපොන්සු පත් කිරීමට ජාතික පොලිස් කොමිසම ආවරණ අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම පත් කිරීමට අනුමැතිය ලැබී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවීමත් සමඟයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධක කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යැවීමටයි කොමිසමේ අනුමැතිය ලබා දී තිබුනේ.

මේ අතර, ඊයේ (29) දිනයේදී මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here