Home Hit අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

130
0

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිටි ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් එකකය වෙත පැමිණ තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

තරඟ පාවාදීම සම්බන්ධයෙන් සැක කල හැකි තොරතුරු කිහිපයක් ලිඛිතව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකර ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා සදහන් කර තිබුනා.

එමෙන්ම, ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් එකකය හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්දගෙන් මීට පෙර ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, අද දිනයේ අරවින්ද ද සිල්වාගෙන් ලබා ගන්නා ප්‍රකාශ අනුව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීම සම්බන්ධයෙන් වු ඉදිරි විමර්ශණ සිදුකරන බවද විශේෂ පොලිස් එකකය වැඩිදුරටත් සදහන් කර සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here