Home Cricket මුත්තයියා මුරලිදරන්, 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් වේ

මුත්තයියා මුරලිදරන්, 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් වේ

97
0

විස්ඩන් මාසික සඟරාව විසින් 21 වන ශතවර්ෂයේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන් නම් කර තිබෙනවා.

එම සඟරාව විසින් එම ශතවර්ෂයේ ක්‍රිකට් ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුතු ලැයිස්තුවක් ද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා

එහි ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ, මුත්තයියා මුරලිදරන්ටයි.

2000 වසරේ සිට 2020 වසර දක්වා වන කාල සීමාව තුළ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා අනුව මෙම වර්ගීකරණය සිදු කළ බවයි එම සඟරාවේ අලෙවිකරණ අධ්‍යක්ෂවරයා කියා සිටින්නේ.

ඔහු පෙන්වා දෙන්නේ මුරලි 2000 වසරේ ජනවාරි පළමුවනදා සිට 2010 වසර දක්වා කාලය තුළ ටෙස්ට් තරග 85කට ක්‍රීඩා කර කඩුලු 573 ක් දවාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් වසර දහයක කාලසීමාව තුළ වැඩිම කඩුලු දවාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ ජේම්ස් ඇන්ඩර්සන්.

ඔහු 2010 – 2020 කාලය තුළ තරග 151 කට ක්‍රීඩා කර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 584 ක්.

ටෙස්ට් තරග 133කට ක්‍රීඩා කර ඇති මුත්තයියා මුරලිදරන් කඩුලු 800ක් දවාගැනීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here