Home Business කොකා කෝලා සමාගම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වර්ජනය කරයි

කොකා කෝලා සමාගම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වර්ජනය කරයි

366
0

කොකාකෝලා සමාගම, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යජාලා සදහා ඔවුන්ගේ දැන්වීම් ලබා දීම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් මෙම තීරණයට පැමිණ ඇත්තේ, ජාතිවාදී මතවාදයන් පැතිරවීම සදහා බොහෝ පිරිසක්, ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරන බැවිනි.

වෛරී සහගත ප්‍රකාශ සහ ජාතිවාදී මතවාද ෆේස්බුක් ඔස්සේ ව්‍යාප්ත වන බවට වූ චෝදනාව කලක පටන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත එල්ල වී තිබෙන චෝදනාවකි.

පසුගිය වසරවල ලංකාව තුළ ඇති වූ ජාතිවාදී ගැටුම් සදහා ද ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය වුණු ඇතැම් ව්‍යාජ පුවත් හේතු බව තහවුරු වූ අතර, ඒ සම්බන්ධයෙන් නිසිපියවර නොගැනීම පිළිබදව ෆේස් බුක් සමාගම සිය කණගාටුව ද ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here