Home Hit සංගක්කාරගේ යෝජනාවෙන් වසර 233කට පසු මාලිබෝන් ක්‍රිකට් සමාජයට කාන්තා සභාපතිනියක්

සංගක්කාරගේ යෝජනාවෙන් වසර 233කට පසු මාලිබෝන් ක්‍රිකට් සමාජයට කාන්තා සභාපතිනියක්

117
0

එංගලන්තයේ පැරණිතම ක්‍රිකට් සමාජය වන මාලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු කාන්තා සභාපතිනිය ලෙස ක්ලෙයාර් කෝනර් නම් කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන, ක්ලෙයාර් කෝනර්ගේ් නම, නව තනතුර සඳහා යෝජනා කර ඇත්තේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි.

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩා පිටියට අයත් වසර 233 ක් පැරණි මාලිබෝන් ක්‍රිකට් සමාජයේ මෙලෙස කාන්තා සභාපතිනියක් පත්කර ඇත්තේ පළමුවරට වීම විශේෂත්වයක්

ක්ලෙයාර් කෝනර් එංගලන්ත ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කළමනාකරණ අධ්‍යක්‍ෂවරිය ලෙසද කටයුතු කර ඇති අතර, එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 16 කට, එක්දින තරග 93 කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග දෙකකට ක්‍රීඩා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here