Home Coronavirus 2020 ලොව පුරා Covid-19 ආසාදිතයින් ලක්ෂ 90 ඉක්මවයි

ලොව පුරා Covid-19 ආසාදිතයින් ලක්ෂ 90 ඉක්මවයි

55
0

ලොව පුරා Covid -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන් ලක්ෂ 90 සීමාව ඉක්මවා තිබේ.

මේ වනවිට 9,045,604 දක්වා ලොව පුරා Covid -19 ආසාදිතයින් ගණන ඉහළ ගොස් ඇත.

මේ අතර නව Covid -19 වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාවද 470,698ක් ලෙස මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරසය ආසාදිතව දැනට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 4,838,320ක් වේ.

වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එය තවමත් මාරාන්තික බවත්, බොහෝ මිනිසුන් තවමත් එයට ගොදුරු වෙමින් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද පසුගියදා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here