Home Hit රුසියාවත් ලංකාවත් යා කරනා පාලම – කොළඹ 07, නිදහස් මාවතට පැමිණ අදට...

රුසියාවත් ලංකාවත් යා කරනා පාලම – කොළඹ 07, නිදහස් මාවතට පැමිණ අදට වසර 34 ක්! (PHOTOS)

253
0

1973 දී ආරම්භ කරන ලද කොළඹ රුසියානු මධ්‍යස්ථානය රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයන් වැඩි දියුණු කිරීම උදෙසා දශක හතරකට වැඩි කාලයක් තිස්සේ දායකත්වය ලබා දී තිබෙනවා.

වර්තමානයේ නිදහස් මාවතේ ඇති රුසියානු මධ්‍යස්ථානය මුලින්ම ආරම්භ වූයේ කොළඹ 2, රාමනායක මාවතේ පිහිටි ගොඩනැගිල්ලකය. එය එකල හැදින්වූයේ “සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය” ලෙසයි.

ඉන් පසුව වර්ෂ 1986 ජූනි මස 20වන දින එවකට ශ්‍රීලංකාවේ ජනාධිපති වූ අතිගරු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි වර්තමාන රුසියානු මධ්‍යස්ථානය විවෘත කර තිබෙනවා.

එදා පටන් වර්තමානය දක්වා කොළඹ රුසියානු මධ්‍යස්ථානය සමග සම්බන්ධව කටයුතු කළ බොහෝ දෙනා ජාතික හා ජාත්‍යන්තරව පැසසුමට ලක් වී තිබෙනවා.

කොළඹ රුසියානු මධ්‍යස්ථානය ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය ලෙස කටයුතු කරනවා.

එලෙසම රස්සත්රූද්නිචෙස්ත්වා ආයතනයේ (Rossotrudnichestvo – Federal Agency for the Commonwealth of Independent States Affairs, Compatriots Living Abroad, and International Humanitarian Cooperation) ශ්‍රී ලාංකීය නියෝජිතායතනය වන්නේද කොළඹ රුසියානු මධ්‍යස්ථානයයි. රස්සත්රූද්නිචෙස්ත්වා ආයතනය රුසියානු විදේශ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක්. ලොව පුරා රුසියානු මධ්‍යස්ථානයන්,රස්සත්රූද්නිචෙස්ත්වා නියෝජිත ආයතන 100ක් පමණ තිබෙනවා.

රුසියාව සහ ලංකාව අතර අධ්‍යාපනික හා සංස්කෘතික සම්බන්ධතා වර්ධනය කිරීමට කටයුතු කරන අප ආයතනය මගින් සේවාවන් රාශියක් සැපයෙනවා.

රුසියාවේ උසස් අධ්‍යාපනය සදහා ලාංකීය සිසුන්ට අවස්ථාව ලබා දෙමින් රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව 50 ක් පමණ වාර්ශිකව ලබා දීම මෙන්ම ලංකාව තුළ රුසියානු භාෂාව ඉගනගන්නා අය වෙනුවෙන් රුසියානු භාෂා පාසලක් ඔවුන් සතුව පවතිනවා..

එමෙන්ම සමාජයේ සංස්කෘතික දියුණුව උදෙසා කැප වූ සංවිධානයක් ලෙස රුසියානු මධ්‍යස්ථානය තරුණ සිසුන්ට කලාව කෙරෙහි නැඹුරුව ඒ පිළිබඳ හැදෑරීමට අවස්ථා රාශියක් සපයයනවා. ඒ අනුව රුසියානු බැලේ හා නර්තන පාසල, රුසියානු කලා පාසල, රුසියානු චෙස් පාසල (අනතෝලී කර්පොෆ් වෙස් සමාජය), රුසියානු සංගීත පාසල සුවිශේෂී වෙනවා.

සෝවියට් සහ රුසියානු පොත් දස දහස් ගනනකින් සමන්විත වූ පුස්තකාලයද බොහෝ දෙනාගේ සිත්ගත් අංශයක් වෙනවා. රුසියාව පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ගේ එකතුවක් වූ රුසියානු සමාජය ද අද බොහෝ දෙනා අතර ප්‍රචලිත වෙනවා.එලෙසම රුසියානු භාෂා පරිවර්තන සේවාවන් සැපයීමද සිදු කෙරෙනවා. පාසල් නිවාඩු කාල වලදී ළමුන් සදහා විශේෂ වූ වැඩසටහන් ( summer camp) පැවත්වෙනවා.

මීට අමතරව අධ්‍යාපනික හා සංස්කෘතික වශයෙන් විවිධ වැඩසටහන් රාශියක් වාර්ශිකව සංවිධානය කරනවා. රුසියානු බැලේ නර්තන කණ්ඩායම්, සංගීත ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් මෙරටට ගෙන්වා විවිධ ප්‍රසංග පවත්වමින් හා රුසියාවේ සුවිශේෂී දින මෙරටදී සමරමින් රුසියාව ලාංකීය ජනයා වෙත වඩාත් සමීප කිරීමට කොළඹ රුසියානු මධ්‍යස්ථානය නිරතුරුව කටයුතු කරනවා.

එලෙසම ශ්‍රී ලංකා ‍රුසියානු මිත්‍ර සංගමය, ශ්‍රීලංකා රුසියානු ව්‍යාපාරික සංගමය, සමාජවාදී රටවල උපාධිලත් ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය හා රුසියානු සාහිත්‍ය කවය මධ්‍යස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන වෙනවා. රුසියාව සඟරාව නමින් රුසියාව පිළිබඳ විස්තර ඇතුළත් වූ සඟරාවක්ද මාස 3 කට වරක් නිකුත් කෙරෙනවා.

මෙලෙස දෙරට අතර සම්බන්ධතා දියුණුවට කටයුතු කරනා කොළඹ රුසියානු මධ්‍යස්ථානය ඔබට අවශ්‍ය සේවා නිරතුරුව සැපයීමට කටයුතු කරනවා. කොළඹ 7, නිදහස් මාවතේ සිට 34 වසරක විශිෂ්ඨ සේවාවක් ලබා දුන් කොළඹ රුසියානු මධ්‍යස්ථානය 35 වන සංවත්සරය ලබන වසරේදී උත්කර්ෂවත් ලෙස සැමරීමට බලාපොරොත්තු වෙනවා.

රුසියානු සාහිත්‍යට, රුසියානු සංස්කෘතියට පොදුවේ රුසියාවට ඇළුම් කරන ඔබට ඔවුන් හා සම්බන්ධ වීමට ඇරයුම් කරනවා.

Image may contain: house, sky and outdoor
No photo description available.
No photo description available.
No photo description available.
Image may contain: plant, tree, outdoor and nature
Image may contain: plant and outdoor
Image may contain: 4 people

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here