Home Hit මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් IMF ගැත්තන් යැයි රවීගෙන් චෝදනා

මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් IMF ගැත්තන් යැයි රවීගෙන් චෝදනා

208
0

ශ්‍රී ලංකා මහබැංකුවේ ඇතැම් නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැත්තන් ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ පිළිබඳව අදහස් පළ කරන ලදි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිස්වලට ඇතැම් මහ බැංකු නිලධාරින් බියෙන් කටයුතු කරන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ක්ෂුද්‍ර මූල්‍ය පණතක් ගෙනවිත් එමඟින් සියයට 3කට වඩා ණය අය නොකරන ලෙස නියෝග කළ ද මහ බැංකු නිලධාරින් විසින්ම එය නතර කළ බවත් පසුව සියලු දෝෂාරෝපණ මුදල් ඇමතිට එල්ල වු බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here