Home Hit රවී “මහ බැංකුව හදන හැටි” කියයි

රවී “මහ බැංකුව හදන හැටි” කියයි

272

හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවී කරුණානායක මහතා “මහ බැංකුව හදන හැටි” ලෙස සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකර තිබෙනවා.

යහපාලන රජය පැවති සමයේ මහ බැංකු බැඳුම්කර වංචාවට එවකට විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කර සිටියේ රවී කරුණානායක මහතාටයි.

ජනාධිපති කොමිසමක් විසින් එම බැඳුම්කර වංචාව පිලිබඳ විමර්ශනය කිරීමට අවස්ථාව සලසා දෙමින් එවකට ඔහු විසින් දැරූ මුදල් අමාත්‍ය ධුරයෙන්ද රවී කරුණානායක මහතා ඉල්ලා අස්විය.

බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා ලබා සිටින පර්පෙචුවල් ට්‍රේෂරිස් අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා විසින් රවී කරුණානායක මහතාගේ පවුලට නිවසක් කුලියට ලබා දී තිබීමද සමාජයේ මහත් කතාබහට ලක් වූ සිදු වීමක් බවට පත් වී තිබුනා.

එවැනි තත්වයකදී මහ බැංකු බැඳුම්කර වංචාවට ඉහලින්ම නම සඳහන් වන රවී කරුණානායක මහතා “මහ බැංකුව හදන හැටි” පැවසීම සමාජ මධ්‍යයේ උපහාසාත්මක ලෙස මේ වන විට සංසරණය වෙමින් පවතී.

අපගේ මහ බැංකුවේ මූලික අරමුණ වන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම , බැංකු නියාමනය කිරීම සහ ආර්ථික පර්යේෂණ ඇතුළු මූල්‍ය සේවා සේවා සැපයීම සිදුකරන ස්වාධීන ජාතික අධිකාරියක් ලෙස කටයුතු කිරීමය.

එහි අරමුණු වන්නේ ජාතියේ මුදල් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම, විරැකියාව අඩු මට්ටමක තබා ගැනීම සහ උද්ධමනය වළක්වා ගැනීමය.

ජාතියේ ආර්ථිකය සෞඛ්‍ය සම්පන්නව හා ප්‍රාණවත්ව තබා ගැනීම සඳහා මහ බැංකුව එම රටේ රාජ්‍ය බලධාරීන් සමඟ ඉතා සමීපව කටයුතු කළ යුතුය.

ඔබේ ආරක්ෂාව මගේ ප්‍රමුඛතාවයයි.

රවී කරුණානායක

ඊයේ(16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ ක්‍රියා පටිපාටිය විවේචනය කරමින් කල ප්‍රකාශයෙන් පසුව රවි කරුණානායක මහතා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here