Home Hit මංගල ජන්ද සටනින් ඉවත්වෙයි..!

මංගල ජන්ද සටනින් ඉවත්වෙයි..!

243

සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි.

අද (09) මාතරදී පැවති රැස්වීමකදී ඔහු මේ බව දැනුම් දී ඇත.

මනාප අංක සම්බන්ධයෙන් අද (09) නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඔහු මාතර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් අංක 08 යටතේ තරග කිරීමට නියමිතව තිබුණි.

නාමයෝජනා ලයිස්තුවේ තම නම ඇතුලත් උවද තමන් හට මනාප ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස සිය පාක්ෂිකයන්ගෙන් ඔහු ඉල්ලා සිටී.

එජාප නායක රනිල් වික්‍රමසිංහ හා සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට ලිපියක් මගින් තමාගේ ඉවත්වීම පිළිබඳව නිල වශයෙන් දැනම් දී ඇති මංගල සමරවීර දශක 3 ක්‍ පුරා තමන් කෙරෙහි විශ්වාසය තැබූ ධෛර්‍යවන්ත මාතර දිස්ත්‍රික් ජනතාවට සිය කෘතඥතාව පල කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here