Home Hit පාර්ලිමේන්තුවේ නුසුදුසුම ප්‍රකාශ කල අය අතර පළමු තැන විමල්ට – දෙක මහින්දානන්ද...

පාර්ලිමේන්තුවේ නුසුදුසුම ප්‍රකාශ කල අය අතර පළමු තැන විමල්ට – දෙක මහින්දානන්ද – තුන රංජන්

354
0

පසුගිය පාර්ලිමේන්තුවේ (2015 සැප්තැම්බර් සිට 2020 පෙබරවාරි ) හැන්සඩ් වාර්තා දත්ත අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශ්ලේෂණය කරන ස්වාධීන ආයතනයක් වන මන්…. විසින් සිදුකල විශ්ලේෂණයකට අනුව එම පාර්ලිමේන්තුවේ වැඩිම වාර ගණනක් මූලාසනයේ අණ පරිදි ඉවත් කල ප්‍රකාශ සිදුකල මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවක් නිකුත්වී තිබේ.

එම ලයිස්තුව අනුව පාර්ලිමේන්තු සංවාද වලදී හැන්සාඩ් ගතකල නොහැකි ආකාරයේ ප්‍රකාශයන් සිදුකල මන්ත්‍රීවරුන් අතරින් පළමු ස්ථානය විමල් වීරවංශ මහතාට හිමිවී තිබේ. අවස්ථා 91කදී ඔහු විසින් සිදුකල ප්‍රකාශයන් කතානායකවරයා විසින් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත්කර තිබේ. එම ලයිස්තුවේ දෙවන ස්ථානය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හිමිවී ඇති අතර ඔහුගේ ප්‍රකාශයන් 85ක් කතානායකවරයා විසින් ඉවත්කර ඇත.

පිළිවෙලින් රංජන් රාමනායක, නිමල් ලාන්සා සහ නලීන් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තුන්වන, හතරවන සහ පස්වන ස්ථාන හිමිකරගෙන ඇත.

යම් ප්‍රකාශයක් පාර්ලිමේන්තු නිල වාර්තාවට ( හැන්සාඩ් වාර්තාවට ) අඩංගු කිරීමට නුසුදුසු යැයි කතානායකවරයාට හැඟී යයි නම් එම වචනය හෝ ප්‍රකාශය ඉවත දැමිය හැකිය. මෙහිදී යම් මන්ත්‍රීවරයෙකුට තමන් පිළිබඳ වෙනත් මන්ත්‍රීවරයෙක් විසින් සිදුකරන ලද මතදැක්වීමක් හෝ අපහාසත්මක ප්‍රකාශයක් ඉවත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවක කරුණු සළකා බලා එය ඉවත් කිරීමටද කතානායකවරයා විසින් සිදුකරයි.

පසුගිය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා වලින් මෙසේ ඉවත් කරන ලද සමස්ත ප්‍රකාශණ සංඛ්‍යාව 1569 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here