Home Hit “කිරි හරක් මිලදී ගැනීමේදී කලින් අවස්ථා දෙකේදීම වැරදුණා” – එස්.බී.

“කිරි හරක් මිලදී ගැනීමේදී කලින් අවස්ථා දෙකේදීම වැරදුණා” – එස්.බී.

85
0

මෙරටට අවශ්‍ය කිරි ආනයනය සඳහා සෑම වසරකදීම රුපියල් බිලියන 50ක පමණ මුදලක් විදේශයන්ට ලබාදීම පිළිබඳව ලැජ්ජා විය යුතු බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා.

ඒ ඊයේ (31) කොළඹදී පැවති මාධ්‍යය හමුවක් අමතමින්.

මෙරටට අවස්ශ්‍ය කිරි ඉල්ලුමෙන් දේශීයව නිශ්පාදනය වන්නේ 44%ක් පමණ බවත් ඕනෑම පළාතක සාර්ථකව කිරි නිෂ්පාදනය කළ හැකි රටක් වන මෙරට 100%ක්ම කිරි නිෂ්පාදනය දේශීයව සිදු කළ යුතු බවත් එම මහතා ප්‍රකාශ කරනවා.

ලංකාවේ කිරි එළදෙනෙකුගෙන් දිනකට ලබාගත හැකි සාමාන්‍ය කිරි ප්‍රමාණය ලීටර් 2ක් පමණ වුවද ඕස්ට්‍රේලියානු දෙනකගෙන් ලීටර් 20ක් පමණ දිනකදී ලබාගත හැකි වුවත් එම එළදෙනුන් මිලට ගැනීමේදී ෛතාම ප්‍රවේශම්සහගත විය යුතු බව ඔහු පවසා සිටියි.

මෙම සතුන්ට රෝග තිබිය හැකි බැවින් නිසි පරිදි පරීක්ෂා කළ යුතු බවත් පෙර අවස්ථා දෙකකදීම එළඳෙනුන් මිලදී ගත් එළදෙනුන් අසාර්ථක බව දිසානායක මහතා අවධාඅණය කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here