Home Hit ආණ්ඩුවේ අලුත්ම ගැහිල්ල තමයි හරක් ගෙන්නන එක

ආණ්ඩුවේ අලුත්ම ගැහිල්ල තමයි හරක් ගෙන්නන එක

77
0

ආණ්ඩුවේ නවතම ගැහිල්ල හරක් ගෙන්වීම්ම බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසනවා. ඒ පසුගිය 30 වනදා කොළඹදී මාධ්‍යය අමතමින්

ඉතිහාසය පුරා ගෙන්වූ එළදෙනුන් මියගොස් ඇති බවත් පොරොන්දු වූ කිරි ප්‍රමාණයත් නොලැබී ඇති බවත් මෙලෙස අසාර්ථක වී ඇත්තේ පිටරට සමාගම් වලට වසරකට රුපියල් බිලියන 50ක් ලබාදීමට ඇති උවමනාවට බවත් එම මහතා පවසනවා.

පසුගිය කාලයේ ගෙන්වූ එළදෙනුන්ට රෝගයක් වැළඳී තිබූ බවත් එසේ තිබියදීද එම සමාගම හරහාම නැවතත් කිරි දෙනුන් ගෙන්වීමට උත්සහ කරන බවත් අසාත් සාලි මහතා පවසනවා.

“15 දෙනෙක් ඉන්න කැබිනට් එකේ හරක් ගැනමයි කතා කරන්නේ” යැයි එම මහතා පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here