Home Hit බලන්ගොඩ සිසුවාගේ අතුරුදහන්විම තවමත් අබිරහසක්

බලන්ගොඩ සිසුවාගේ අතුරුදහන්විම තවමත් අබිරහසක්

103
0

බලංගොඩ සමනල වත්ත සහන් කුමාර දරුවා අතුරුදහන් වී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් නොමැති බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම දරුවා සෙවීම් පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ පවත්වයි.

2018 වර්ෂයේ ජූලි මාසයේ මෙම දරුවා නිවෙසින් බැහැරව දර සෙවීම්ට යන අවස්ථාවේදී අතුරුදහන් වී ඇති බවට බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

මෙම පැමිණිල්ලක් ලැබීමත් සමඟ පොලීසිය හා යුද හමුදාව එක්ව සතියක් පුරා ප්‍රදේශය පීරා පරීක්ෂණ කටයුතු දරුවා සෙවීමේ කටයුතු සිදු කළත් කිසිදු තොරතුරක් ලැබී නොතිබුණි.

පසුව හමුදාව මින් ඉවත්ව පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබුණි.

මෙම දරුවා දිවියකුගේ ගොදුරක් බවට පත් වූවා ද එසේත් නොමැතිනම් නිධානයක් ගැනීම සඳහා යොදාගත්තාද වෙනත් අපරාධයක් සඳහා යොදා ගත්තාද යන්න පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු වන බව පොලීසිය පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here