Home Hit කොළඹ වෛද්‍ය පීඨය සෞඛ්‍ය අමාත්‍යතුමියගේ විශේෂ පැසසුමට

කොළඹ වෛද්‍ය පීඨය සෞඛ්‍ය අමාත්‍යතුමියගේ විශේෂ පැසසුමට

69
0

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය ආසියාවේ ඇති පැරණිතම වෛද්‍ය පීඨය බවත්, මෙම වෛද්‍ය පීඨයෙන් බිහි වූ වෛද්‍යවරු මෙරටේ රෝගී ජනතාවට අමිල සේවයක් සිදු කොට ඇති බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම කරුණු දක්වන ලද්දේ අද (01) දිනට කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයට වසර 150 ක් පිරිම නිමිත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය සංවිධානය කොට තිබූ විශේෂ උත්සවයකට එක්වෙමින්‍ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය –

“කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය තුලින් රෝග ප්‍රතිකාර හා රෝග නිවාරණ යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ හා දක්ෂ වෛද්‍යවරු දහස් ගණනක් බිහිකර තිබෙනවා. මෙම ක්ෂේත්‍රවල අභිවෘද්ධිය සදහා කොළඹ වෛද්‍ය පීඨයෙන් බිහි වූ වෛද්‍ය විශේෂඥයින් මහගු දායකත්වයක් ලබා දී තිබෙනවා. මෑතකදී අප රට තුල ඇති වූ COVID-19 වසංගතය මර්දනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලේ දී කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂඥයින්, පර්යේෂකයින් දිවා රෑ නොබලා විශාල දායකත්වයක් ලබාදුන්නා.

මෙහිදී කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් වෛද්‍ය පීඨ පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කළ අතර, කොළඹ වෛද්‍ය පීඨයේ කාර්ය මණ්ඩලය විසින් සකස් කළ සමරු සිහිවටන කලාපයක් සෞඛ්‍ය අමාත්‍යතුමියට පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here