Home Entertainment “හැරී පෝටර්” කතුවරියගේ නවතම ළමා කතාව අන්තර්ජාලය හරහා නොමිලේ

“හැරී පෝටර්” කතුවරියගේ නවතම ළමා කතාව අන්තර්ජාලය හරහා නොමිලේ

154
0

ලොව පුරා ඉතාමත් ජනප්‍රිය “හැරී පොටර්” කතා මාලාවේ කතුවරිය වන ජේ. කේ. රෝව්ලිං ඇගේ නවවතම ළමා ග්‍රන්ථය වන “ඉකාබොග්” (Ikabog) ග්‍රන්ථය අන්තර්ජාලය හරහා නොමිලේ නිකුත් කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ ඇයගේ රසිකයින් විශ්මයට පත්ව තිබේ.

කොරෝනා වෛරස් වසංගතය අතරතුර ළමයින්ට විනෝද වීමට ඇයගේ සුරංගනා කතාව උපකාරී වනු ඇතැයි රෝලිං මහත්මිය බලාපොරොත්තු වේ.

පළමු හැරී පොටර් පොත නිකුත් වූ වහාම ඉකාබොග් ප්‍රකාශයට පත් කිරීමට අදහස් කළ බව පවසන කතුවරිය මනඃකල්පිත හැරී පොටර් කතා මාලාව සාර්ථක වූ හෙයින් වැඩිහිටි නවකතා ලිවීමට තම කාලය කැප කිරීමට ඇය තීරණය කළ බව පැවසුවාය.

අවසාන හැරී පොටර් ග්‍රන්ථය නිකුත් කල පසු වැඩිහිටියන් සඳහා නවකතා දෙකක් ලිවූ බවත්, ඒවා ප්‍රකාශයට පත් කිරීමට යම් කිසි කාලයක විරාමයක් තැබූ බවත් ට්විටර පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන කතුවරිය මෑතක් වන තුරුම ඉකාබෝග් කතාව අසා ඇත්තේ තම කුඩා දරුවන් දෙදෙනා පමණක් බව එහි සඳහන් කර ඇත.

ඉකාබෝග් ග්‍රන්ථයේ පින්තූර සඳහා ඇයගේ පාඨකයින්ගෙන් අදහස් විමසන රෝව්ලින්ග් මහත්මිය පවසන්නේ ඇයගේ අදහස් අනුව නොව පාඨකයින්ට නිදහස් පරිකල්පනයට අනුව ගොඩනැගෙන පින්තූර ඒ සඳහා ලබා දෙන ලෙසටයි.

ඉන් තෝරා ගන්නා හොඳම අදහස් එළැඹෙන නොවැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිත ඉකාබෝග් ග්‍රන්ථයට ඇතුලත් කරන බවද ඇය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here