Home Entertainment දන්ත ධාතුව වැඩමවීම මූර්තියට නැගූ මොරටුව සරසවියේ ඓශ්වර්ය (PHOTOS)

දන්ත ධාතුව වැඩමවීම මූර්තියට නැගූ මොරටුව සරසවියේ ඓශ්වර්ය (PHOTOS)

126
0

හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට බුදුන් වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ ගෙන එන ආකාරය දැක්වෙන සෝලිස් මෙන්ඩිස් සිතුවම් කරුගේ සුප්‍රසිද්ධ බිතුසිතුවමට වෙනත් ආකාරයකින් ජීවය දීමට ශ්‍රී ලාංකීය කලා කරුවෙක් සමත්වී තිබෙනවා.

ඔහු නමින් ඓශ්වර්ය තෙන්නකෝන්. වයසින් අවු.23යි.කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු දැනට මොරටුව විශ්වවිද්‍යලයේ ගෘහනිර්මාන ශිල්පය හදාරන තෙවන වසරේ සිසුවෙක්. ඔහුගේ අනාගත බලාපොරොත්තුව මූර්ති,රංග භාණ්ඩ සහ විලාසිතා නිර්මාණකරුවෙක් විදිහට වෘතීමය ගමනක් යාම‍යි..

ඔහු දැන් අවුරුදු 5 කට ආසන්න කාලයක් පුරාවට බහුඅවයවක (polymer) භාවිතයෙන් පිළිම සාදයි. පසුගිය කාලය තුලදී බොලිවුඩ් චිත්‍රපට, සජීවිකරණ චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා වලට සම්බන්ධ චරිත මූර්තියට නැගූ නමුත් වෙනස් දෙයක් කිරීමට ඔහුට අවශ්‍ය වූ බව ඓශ්වර්ය පවසනවා.

මේ වන විට ඔහු ප්‍රතිමා 100 කට වඩා නිර්මාණය කර ඇති නමුත් ඔහුට නිර්මාණය කිරීමට වඩාත් අසීරුම වූ ප්‍රතිමාව මෙය බව ඔහු පවසනවා. එය 8 “උස පිළිමයක් වේ.

මෙවැනි නිර්මාණ ඉදිරියටත් කිරීම ඔහුගේ බලාපොරොත්තුව බව ඓශ්වර්ය පවසයි.

Image may contain: 3 people
Image may contain: 2 people
Image may contain: 1 person
Image may contain: 1 person, standing
No photo description available.

සබැඳි පුවත්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here