Home Hit රජයට අයත් ඉඩම් වලට බැසිල් කරන්න යන දේ

රජයට අයත් ඉඩම් වලට බැසිල් කරන්න යන දේ

95
0

ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සාකච්ඡාවක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (21) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී රජයට අයත් භාවිතයට නොගත් හා ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සදහා යොදා ගැනීම පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.

ආර්ථික පුනර්ජීවය හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සදහා අතිශයින්ම වැදගත් වන ක්ෂේත්‍ර ලෙස කෘෂීකර්ම, වැවිලිි සම්පත්, පශු සම්පත් හා ධීවර යන ක්ෂේත්‍ර නගා සිටුවීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබේ.

ඒ අනුව මෙරට පවුල් දස ලක්ෂයක ප්‍රමාණයක ගෘහස්ත ආදායම වැඩිකරගැනීම ආර්ථික පුනර්ජීවන ශා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ අරමුණ බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ආයතන ප්‍ර්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ කෘෂිකර්මාන්තය හා පශු සම්පත් සංවර්ධනය සදහා යෙදවිය හැකි ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට කටයුතු කරන ලෙසයි.

එම සාකච්ජාවේදී පහත සදහන් කරුණු පිළිබදවද අවධානය යොමු කර තිබේ.

  • බාහිර බලපෑමකින් තොරව මෙරට ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම.
  • දරිද්‍රතාවය තුරන් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම
  • අපේ රටේ ඇති ඉඩම් උපරිම ප්‍රයෝජනයට ගනිමින් වගා කළ හැකි හදුනා ගැනීම
  • භූමියේ ස්වාභාවය හා අවශ්‍යතාව අනුව වගා කළ හැකි බෝග හදුනා ගැනීම
  • ඒ ඒ ආයතනවලට පවරා ඇති ඉඩම් විධිමත් ලෙස වගා කටයුතු සදහා යෙදවීම
  • ගෙවතු වගාව පුළුල් කිරීම මගින් ගෘහත පරිභෝජනයට අමතරව වෙළෙදපොළ සදහා නිෂ්පාදන ලබා ගැනීම
  • අවිධිමත් ලෙස විවිධ ආයතනවලට පවරා ඇති ඉඩම් විධිමත් කර ඒවා නිෂ්පාදන කටයුතු සදහා යොදා ගැනීම
  • ධීවර කර්මාන්තය සදහා පළදායී වැඩපිළීවෙළක් සකස් කිරීම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here