Home Hit පාසල් වලට ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ ලබාදීම ඇතුළු පියවර කිහිපයක්

පාසල් වලට ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ ලබාදීම ඇතුළු පියවර කිහිපයක්

78
0

සියලු පාසල්වලට ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, මීට අමතරව පාසලේ සිසුන් සංඛ්‍යාව අනුව අත සේදීම සදහා පාදයෙන් ක්‍රියාත්මක කළහැකි කරාමය සහිත බේසම් මෙන්ම ගිලන් ඇදක් ලබාදීමට පියවර ගන්නා බවයි.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 630 කි.

පාසල් යළි විවෘත කිරීමට පෙර සෑම පාසලකටම මෙම උපකරණ ලබාදෙන බව ඔහු පැවසී ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරිම සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

ඒ අනුව සිසුන් සඳහා මුව ආවරණ ලබාදීමට ද සැලසුම් කර ඇති බව ඔහු පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here