Home Coronavirus 2020 ඇඳිරි නීති කාලය තුළ නිරෝධායන නීතියට ගරු කරමින් කටයුතු කරන්න

ඇඳිරි නීති කාලය තුළ නිරෝධායන නීතියට ගරු කරමින් කටයුතු කරන්න

49
0

ඇඳිරි නීති කාලය තුළ නිරෝධායන නීතියට අනුව කටයුතු කරන්නැයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

හෙට(24) සහ අනිද්දා(25) දෙදින තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුලදී දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900ක් යෙදවීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩි දුරටත් සඳහන් කළා.

අද රාත්‍රී 8.00 සිට 26 වන අඟහරුවාදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, 26 වන අඟහරුවාදා අලුයම 5 ට කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කරන බවයි.

ඉන් අනතුරුව නැවත දැනුම් දෙනතුරු එම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ සෑම දිනකම රාත්‍රි 8.00 සිට අලුයම 5.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

කෙසේ වෙතත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඇඳිරි නීතිය පැවතිය ද එම දිස්ත්‍රිකක්වල ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙළ 26 වන අඟහරුවාදා සිට යළිත් ක්‍රියාත්මක බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here