Home Hit “රාජපක්ෂ ආණ්ඩුවත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනෙ” (VIDEO)

“රාජපක්ෂ ආණ්ඩුවත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනෙ” (VIDEO)

185
0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර පැවති රජය පමණක් නොව ඉන් පෙර 2012දී මේ පිළිබඳව හෙළි කළ අවස්ථාවේදී පැවති රාජපක්ෂ රජයත් වගකිව යුතු බව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන් වහන්සේ මේ බව පවසන්නේ අද (23) දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මාධ්‍යය ඇමතූ අවස්ථාවේදීයි.

දින කිහිපයක් පුරාවටම උන්වහන්සේ මෙම කොමිසම හමුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ බවත් අද දින ඊට අදාල සාක්ෂි සැපයීම අවසන් කළ බවත් එහිදී උන් වහන්සේ කියා සිටියා.

“අපේ ධර්මයේ මුල තමයි හේතුඵලවාදය. හේතුවක් නැතිව ඵලයක් උපදින්නේ නෑ. සහරාන්ලා, අබ්දුල් රාසික්ලා ඉබේ බිහි වෙන්නෙ නෑ. මරාගෙන මැරෙන අන්තවාදී මිනිස්සු බිහිවෙන්න නම් ඊට හේතු වෙන යම් අන්තවාදී ආගමික ඉගැන්වීමක් තියෙන්න ඕනෙ. අපි පරාජය කළ යුත්තේ ඒ ආගමික ඉගැන්වීම.” යැයි උන්වහන්සේ පෙන්වා දෙන ලදි

මෙවැනි කල්ලි කණ්ඩායම් බිහිවෙන බව සහ ඔවුන් නඩත්තු කරන දේශපාලන කණ්ඩායම් කවුද යන්න තමන්වහන්සේලා කාලයක සිට හෙළි කළ බවත් එසේ තිබියදීත් කිසිවෙකුත් ඊට අවධානයක් නොදුන් නිසා ජීවිත ගණනාවක් රටට අහිමි වූ බවත් උන්වහන්සේ පවසනවා

“මං කියන්නෙ පහුගිය ආණ්ඩුව විතරක් නෙවෙයි මේ සියළු ආණ්ඩු මේකට වගකියන්න ඕනෙ. අපි මේක හෙළිදරව් කළේ 2012 ඉඳන් සමහර මුස්ලිම් නායකයන් මේ ගැන හෙළිදරව් කරලා තියෙනවා 2007 ඉඳන්. ඒ නිසා කාටවත් අනේ අපි හොඳයි, අපි සුදනෝ කියලා බේරෙන්න බෑ. මේ රට මාරුවෙන් මාරුවට පාලනය කරපු හැම එකාම මේකට වග කියන්න ඕනෙ. දැන් කිඳුල් කඳුළු හෙළුවට හැමෝම මේවා පෝෂණය කරලා තියෙනවා ” යැයි උන්වහන්සේ අවධාරණය කර සිටියි.

මේ පිළිබඳව පරීක්ෂණ අඩපණ කරන ලද්දේ අවස්ථාවාදී මුග්ධ දේශපාලඳයින් විසින් බවත් උදාහරණයක් ලෙස තමන් වහන්සේ 2012දී මෙම කරුණු හෙළි කරද්දී තමන් වහන්සේ නෝර්වේ කුමණ්ත්‍රනයක හවුල්කාරයෙක් යැයි චෝදනා කළ විමල් වීරවංශ මහතා දැන් වහබ්වාදය ගැන ප්‍රකාශයන් නිකුත් කිරීම පෙන්වා දිය හැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියි.

“එදා මට හිනා උනා. මං නෝර්වේ සල්ලි අරන් අති උත්තම මහින්ද රාජපක්ෂ උතුමාණන්ගේ ඡන්ද කඩනවා කියලා මට කිව්වා. මුස්ලිම් ඡන්ද ලබා ගන්න ප්‍රශ්නෙ හෑල්ලුවට ගත්තා. දැං මොකද කියන්නේ? ” උන්වහන්සේ තවදුරටත් කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here