Home Hit අවධානම නොසළකා මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී එක් අයෙක් අතුරුදන්

අවධානම නොසළකා මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී එක් අයෙක් අතුරුදන්

72
0

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ධීවර පරීක්ෂකවරුන්ගේ අවසරයක් නොමැතිව හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු රැකියාවේ ගිය ධීවර බෝට්ටුවක් අද(23) උදෑසන හම්බන්තොට කෝන්ගල මුහුදු තීරයේ දී අනතුරට ලක්වී තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හම්බන්තොට ධීවර වරායෙන් අද අලුයම ධීවර රැකියාවේ ගිය OFRP-A-789 නැමති ධීවර යාත්‍රාවකි.

මෙම ධීවර බෝට්ටුව අද පෙරවරු 7.00ට පමණ හම්බන්තොට කෝග්ගල මුහුදු තීරයේ දී රළ පහරට හසුව පෙරලී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් බෝට්ටුවේ ගමන් ගත් ධීවරයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර එක් ධීවරයෙකු අතුරුදන්ව ඇත.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ හම්බන්තොට පදිංචි 23 හැවිරිදි මොහොමඩ් කාසිම් මොහොමඩ් හසීප් නමැති පුද්ගලයෙකි.

අතුරුදන් පුද්ගලයා සොයා මේ වන විට හම්බන්තොට නාවික හමුදා නිලධාරීන් හා ධීවර ජනතාව මෙහෙයුම් දියත් කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක එල්.ගී.ටී චන්දන මහතා පවසා සිටියේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ධීවර ජනතාවට මුහුදු රැකියාවට නොයන ලෙසට දැනුම් දී තිබියදීත් එම අණ කඩකරමින් අද අලුයම කුඩා ධීවර බෝට්ටු කිහිපයක් රැකියාවේ ගොස් තිබු බවයි.

ඉන් එක බෝට්ටුවක් අද අලුයම 7.00 ට පමණ සැඩ පහරට හසුව විනාශ වී ඇති බවත් වාර්තා වු බවත් පවතින තත්ත්වය හමුවේ ධීවරයින්ට ලබා දෙන උපදෙස් පිළිනොපදීමෙන් හා ජීවිතාරක්ෂක උපකරණ බෝට්ටුවල රැගෙන නොයාමෙන් බොහෝ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ද ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here