Home Hit හිටපු ජනපති නිවේදකයෙක් වෙයි

හිටපු ජනපති නිවේදකයෙක් වෙයි

163
0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක පැවති අභියෝගාත්මක වැඩසටහනකට සහභාගී වී තිබෙනවා.

තම ක්ෂේත්‍රයට කිසිසේත් අදාල නොවන, මින් පෙර කවරදාකවත් අත් නොවිඳි එම අත්දැකීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඉතා සාර්ථකව මුහුණ දුන් අයුරු අපට දැකගත හැකි වුණා.

අපි නොදන්න රේඩියෝ නම් වැඩසටහන සමග එක්වූ හිටපු ජනපතිවරයා නිවේදකයකුගේ භූමිකාව මනා ලෙස ඉටු කරනු ලැබුවේ අසන්නන්ට සාහිත්‍ය රසය පිළිබඳවද කියා දෙමින්.

එමෙන්ම ගුවන්විදුලියේ ප්‍රචාරයවන ගීත ගයමින් තම සැබෑ භූමිකාවෙන් සම්පූර්ණයෙන්ම මිදී ඒ මහතා කටයුතු කර තිබුණේ සැබෑ නිදහසක් භුක්ති විඳිමින්.

කනට මිහිරි සිතට සැනසුම ගෙන එන ගීත කිහිපක්ම සිය වැටසටහන මගින් ප්‍රචාරය කිරීමටත් ඒ මහතා කටයුතු කළා.

හිටපු ජනපති අපි නොදන්න රේඩියෝ හා එක්වෙයි…

හිටපු ජනපති අපි නොදන්න රේඩියෝ හා එක්වෙයි…

Posted by Ada Derana Sinhala on Saturday, May 23, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here