Home Coronavirus 2020 වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා සමාජිකයින් 278 දෙනෙකු නිරෝධායන කඳවුරු වෙත

වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා සමාජිකයින් 278 දෙනෙකු නිරෝධායන කඳවුරු වෙත

66
0

වැලිසර නාවික කඳවුරේ Covid – 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අවධානමට ලක්ව සිටින නාවික හමුදා සමාජිකයින් 278 දෙනෙකු වව්නියාව පම්පමඩුව හා පෙරියකාඩු යුධ හමුදා නිරෝධායන කඳවුරු වෙතට යොමුකර තිබෙනවා.

නිරෝධායනය සඳහා යොමුකළ නාවික හමුදා සාමාජිකයින් මෙලෙස දින 21ක් එම කඳවුරුවල නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි.

මේ අතර කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයින් 33 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළේ ඒ අනුව සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 283 දක්වා ඉහළ යන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here