Home Coronavirus 2020 ඊයේ හඳුනාගත් Covid-19 ආසාදිතයින්ගෙන් 11ක් නාවික හමුදා සමාජිකයින්

ඊයේ හඳුනාගත් Covid-19 ආසාදිතයින්ගෙන් 11ක් නාවික හමුදා සමාජිකයින්

50
0

Covid – 19 වෛරස ආසාදිතයින් බවට ඊයේ (22) හදුනාගත් පුද්ගලයින් අතර නාවික හමුදා සාමාජිකයින් 11දෙනෙකු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනය තුළ Covid – 19 වෛරස ආසාදිතයින් 13 දෙනෙකු හදුනාගෙන තිබුණි.

ඒ අතර මැලේසියාව සහ කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින පුද්ගලයින් දෙදෙනෙකු ද වේ.

ඒ අනුව මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1068ක්.

ඉන් ආසාදිතයින් 620දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 439 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මෙරටින් හදුනාගෙන ඇති සමස්ත Covid – 19 වෛරස ආසාදිතයින් 1068 දෙනා අතර මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 607 දෙනෙකු වන බව සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here