Home Hit කුමන පාර්ශවයක් බලයට ආවත් වෙනස් නොවන ජාතික සැලැස්මක් ක්‍රීඩාවට අවශ්‍යයි –...

කුමන පාර්ශවයක් බලයට ආවත් වෙනස් නොවන ජාතික සැලැස්මක් ක්‍රීඩාවට අවශ්‍යයි – රොෂාන් මහනාම

83
0

බලයට පත්වන පාර්ශ්වය කුමක් වුවත් වෙනස් නොවන ජාතික සැලැස්මක් ක්‍රීඩාව වෙනුවෙන් තිබිය යුතු බව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයකු වන රොෂාන් මහනාම මහතා පවසයි.

හෝමාගම ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අගමැති නිල නිවසේ ඊයේ (21) පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

රටේ සහ ලෝකයේ තිබෙන තත්වය සමඟ ක්‍රීඩා සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුද? යන ගැටළුව තමාට පෞද්ගලිකව ඇති බව ඒ මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම දැනට රටේ ඇති ක්‍රීඩාංගන භාවිතා කරමින් මේ වන විට ශ්‍රී ලංකාව ලෝක කුසලාන කිහිපයකට සත්කාරකත්වය ලබා දී ඇති බවත් එම නිසා තවත් ක්‍රීඩාංගන වෙනුවට එම ක්‍රීඩාංගන දියුණු කරමින් පාසල් මට්ටමේ හා පළමු පෙළ, දෙවන පෙළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට හැකියාව ඇත්නම් එය වඩා වැදගත් බව ඒ මහතා පෙන්වා දෙයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේද වගකීම එයවිය යුතු බව රොෂාන් මහතා මෙහිදී සඳහන් කළේය

තමන් සහ මහේල ජයවර්ධන සහ තවත් කිහිප දෙනෙකු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තැනින් නගා සිටුවීමට යෝජනාවලියක් ලබා දුන් බව මතක් කළ ඒ මහතා ජාතික ප්‍රතිපත්තියක ඇති වැදගත්කම අවධාරණය කළේය.

මේ වන විට ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුවක් පෙන්වා පෙන්වා දෙමින් ක්‍රීඩා වෙනුවෙන් ජාතික සැලැස්මක් ඇත්නම් එවැනි දෙයක් සිදුවීමට ඉඩක් නොමැති බව අවධාරණය කළේය.

රොෂාන් මහානාම මහතා මේ සම්බන්ධයෙන් පළකළ අදහස් පහතින්

''මොන පැත්තක් ආවත් වෙනස් නොවන, ජාතික සැලැස්මක් අවශ්‍යයි''

''මොන පැත්තක් ආවත් වෙනස් නොවන, ජාතික සැලැස්මක් අවශ්‍යයි'' – හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානාම #lka #News1st #SLCricket #RoshanMahanama

Posted by Newsfirst.lk on Thursday, May 21, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here