Home Hit බාල වයස්කාරයකු අපයෝජනය කළ ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක් සොයා FBI පරීක්ෂණයක්

බාල වයස්කාරයකු අපයෝජනය කළ ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක් සොයා FBI පරීක්ෂණයක්

125
0

ඇමරිකාවේ ඔහියෝහි ෆ්‍රෑන්ක්ලින් කවුන්ටි හිදී වයස අවුරුදු 6ක බාල වයස්කාර දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු එෆ් බී අයි ආයතනය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඉකුත් මාර්තු මස 7 වනදා චමින්ද ප්‍රභාත් පල්ලියගුරු නැමති සැකකරු අදාළ දරුවා අපයෝජනයට ලක්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහියෝ ප‍්‍රාන්තයේ අධිකරණයක් ලබාදුන් වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට එෆ් බී අයි ආයතනය පරීක්‍ෂණ අරඹා තිබෙනවා.

මෙම පුද්ගලයා පිළිබඳ කිසියම් තොරතුරක් ඇති ඕනෑම අයෙකුට ප්‍රාදේශීය එෆ් බී අයි කාර්යාලයට හෝ ළඟම ඇති ඇමරිකානු තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය ලබාදෙන ලෙස එෆ් බී අයි ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here