Home Hit විශේෂ වෙළඳ බද්ද පැනවූ පාරිභෝජන භාණ්ඩ ලයිස්තුව මෙන්න.

විශේෂ වෙළඳ බද්ද පැනවූ පාරිභෝජන භාණ්ඩ ලයිස්තුව මෙන්න.

178
0

සීනි,පරිප්පු, අර්ථාපල්, වියළි මිරිස් සැමන් ඇතුළු ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක් මත ය කෙරෙන විශේෂ වෙළඳ ආනයිනික බදු අද ඉහළ දැමුවා.

මුදල් අමාත්යංශය පැවසුවේ නව බදු සංශෝධන අද සිට මාස 6ක් කාලයක් සඳහා ක්‍රියාත්මක බවයි.

අද කළ බදු සංශෝධනයට අනුව ආනයනික සිනි කිලෝ 1ක් මත මෙතෙක් අයකළ රුපියල් 35ක් වූ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දම තිබෙනවා.

ඒ අනුව සීනි කිලෝ ග්‍රෑම් 1ක ආනයිනික බදු රුපියල් 15කින් ඉහළ යනු ඇති.

මෙතෙක් සැමන් ඇතුළු ආනයනික ටින් මාළු කිලෝ ග්‍රෑම් 1ක් මත අයකළ රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද සිට රුපියල් 100 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ටින් මාළු කිලෝ ග්‍රෑම් 1ක ආනයිනික බදු රුපියල් 50කින් ඉහළ යනු ඇති.

බදු සංශෝධන අනුව වියළි මිරිස් කිලෝ ග්‍රෑම් 1ක් ආනයනයේදී අයකළ රුපියල් 25ක බද්ද රුපියල් 100ක් දක්වා රුපියල් 75කින් ඉහළ දැමුනා.

ආනයනික අර්තාපල් කිලෝවක් මත බද්ද රුපියල් 25කින් ඉහළ දමා ඇත්තේ කිලෝවකට රුපියල් 25ක් වූ බද්ද රුපියල් 50 දක්වා ඉහළ දමමින්

කඩල කිලෝ 1ක් මත අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 5 සිට රුපියල් 10ක් දක්වා ඉහළ යනු ඇති

සුදු ලූනු කිලෝ ග්‍රෑම් 1ක් මත අය කෙරෙන බද්ද රුපියල් 40 සිට 50 දක්වා ඉහළ දම ඇති අතර රතු ලූනු කිලෝවක් මත අය කෙරෙන බද්ද රුපියල් 50ක්

ආනයනික යෝගට් කිලෝ එකක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 625ක් වූ බද්ද රුපියල් 800ක් දක්වා ඉහළ දම තිබෙනවා.

මේ අතර මිදි, ඇපල්, දොඩම් රට ඉඳි, රට කජු බද ඉරිඟු මාගරින් ඇතුළු අහාර ද්‍රව්‍ය මෙන්ම කුළුබඩු හා පාම්තෙල් ඇතුළු භාණ්ඩ රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද ඉහළ දැමුනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here