Home Hit ජල බිල්පත් ගැටළු සඳහා විශේෂ දුරකතන අංකයක්

ජල බිල්පත් ගැටළු සඳහා විශේෂ දුරකතන අංකයක්

78
0

සිය පාරිභෝගිකයින්ගේ බිල්පත් ගැටළු සඳහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් විශේෂ දුරකතන අංකයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඕනෑම දුරකතනයකින් E අකුර යොදා 071 93 99999 අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් අදාල ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට හැකියි.

අදාල කෙටි පණිවුඩය එම මණ්ඩලයට ලැබීමෙන් අනතුරුව එම පාරිභෝගිකයාය අදාල දිස්ත්‍රික්කයේ ජල බිල්පත් අංශය විසින් දුරකතන ඇමතුමක් ලබා දී අදාල ගැටළුව සඳහා විසඳුම් ලබා දෙනු ඇති.

මීට අමතරව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ 1939 යන අංකය ඇමතීමෙන්ද සිය ගැ‍ටළු සඳහා විසඳුම් ලබා ගැනීමට ජල පාරිභෝගිකයින්ට හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here