Home Hit පිටකොටුවේ සිටි යාචකයින් 62ක් අධිකරණයට

පිටකොටුවේ සිටි යාචකයින් 62ක් අධිකරණයට

117
0

පිටකොටුව බස්නැවතුම්පොළ හා තදාසන්න ප්‍රදේශවල සිටිය දී පොලිසිය විසින් නිරෝධායනය සඳහා යොමු කළ යාචකයින් 62 දෙනෙකු අද(22) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මොවුන් සියලු දෙනා දින 14 ක නිරෝධායනය අවසන් කළද නගරයේ නිකරුණේ ගැවසීම මඟින් මහජන සෞඛ්‍යය කෙරෙහි බලපෑ හැකි බවයි.

වයස්ගත පුද්ගලයින් හැර සෙසු සියලු දෙනාට වෘත්තීය පුහුණුව ලබාදීමට අපේක්ෂා කරන බවද පොලිසිය මෙහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ යාචකයින් 62 දෙනාම රිදීගම රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස අධිකරණය අද නියෝග කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here