Home Business ‘සේවකයින්ගේ වැටුප් ඒකපාර්ශ්විකව අඩු කළ නොහැකියි’ – හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපති

‘සේවකයින්ගේ වැටුප් ඒකපාර්ශ්විකව අඩු කළ නොහැකියි’ – හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපති

171
0

ඒකපාර්ශ්විකව සේවකයින්ගේ වැටුප් අඩු කළ නොහැකි බව ලංකාවේ හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපති ප්‍රවීර් සමරසිංහ මහතා පවසයි.

ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී COVID 19 හේතුවෙන් සමාගම්වලට හෝ වෙනත් රාජ්‍ය අංශයේ ආයතනවලට අරමුදල් නොමැති බව පවසමින් සේවකයින්ගේ වැටුප් ඒකපාර්ශවිකව අඩු කළහැකිද? යනුවෙන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළ බව Daily News පුවත්පත වාර්තා කරයි.

සේවා යෝජකයා සහ සේවකයා අතර ගිවිසුමක් තුළ එකඟ වූ වැටුප සේවායෝජකයා විසින් ඒකපාර්ශ්විකව අඩු කල නොහැකි බවත් ඕනෑම අඩු කිරීමක් සේවකයාගේ කැමැත්තෙන් කළ යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

කම්කරු අමාත්‍යාංශය, සේවක නියෝජිතයින් සහ සේවායෝජක නියෝජිතයන් අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මෑතකදී ඇති කර ගත් අතර COVID 19 වසංගතය හේතුවෙන් රජය විසින් පනවා ඇති සීමාවන් හේතුවෙන් වැඩ කිරීමට හෝ වැඩ කිරීමට නොහැකි සේවකයින්ට ඔවුන්ගේ වැටුප සමානුපාතිකව 50% දක්වා අඩු කිරීමකට හෝ මසකට රුපියල් 14,500 / -ක අවම වැටුපකට යටත් කළ හැකි බව එහි සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here