Home Hit ‘නිවසේ සිට දීර්ඝ කාලීනව වැඩ කිරීම සේවකයින්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර විය හැකියි’

‘නිවසේ සිට දීර්ඝ කාලීනව වැඩ කිරීම සේවකයින්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර විය හැකියි’

115
0

නිවසේ සිට දීර්ඝ කාලීනව වැඩ කිරීම සේවකයින්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර විය හැකි බව මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා පවසයි.

New York Times සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.

කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා බොහොමයක් ආයතන වල සේවකයින්ට 2020 වසරේ මුල් මාස කිහිපය නිවසේ සිට වැඩ කිරීමට සිදුවිය.

මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා සඳහන් කර ඇත්තේ නිවසේ සිට ස්ථිරව වැඩ කිරීම සේවකයින්ගේ සමාජ අන්තර්ක්‍රියා සහ මානසික සෞඛ්‍යයට හානි කළ හැකි බවයි.

මේ වනවිට ලොව පුරා අගුලු දැමීම් ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතින හෙයින්, සමහර ආයතන වල සේවකයින්ට නැවත සිය කාර්යාල වෙත යාමට හැකියාව ලැබී ඇත.

නමුත් ලොව පුරා බොහොමයක් ආයතන තවදුරටත් නිවසේ සිට වැඩකලයුතු කාල සීමාව දීර්ඝ කර ඇත.

මයික්‍රොසොෆ්ට් සමාගම සිය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රතිපත්තිය ඔක්තෝම්බර් දක්වා දීර්ඝ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here