Home Entertainment ජිප්සීස් සංගීත කණ්ඩායම සිය 50වන සංවත්සරය සමරයි

ජිප්සීස් සංගීත කණ්ඩායම සිය 50වන සංවත්සරය සමරයි

125
0

ජිප්පීස් සංගීත කණ්ඩායම අද සිය 50වන සංවත්සරය සමරනු ලබනවා.

70 දශකයේ ආරම්භ වූයේ ග්ලූකෝරස සමාගමේ සේවය කළ ඇන්ටන් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන්.

ඔහු සිය පුතුන් දෙදෙනා මෙන්ම සිය ඥාති පුතුන්වන සුනිල්, පියල්, නිහාල්, නිමල් සහ ලාල් යන පස්දෙනා කණ්ඩායමේ සාමාජිකයින් කරමින් මෙම සංගීත කණ්ඩායම ආරම්භ කරනු ලැබුවා.

මුල් කාලයේදී ජිප්සීස් ගායක කණ්ඩායම බටහිර ගීත ගායනා කළ ද 1973 වසරේ ඔවුන්ගේ කුළුදුල් ගී තැටිය නිකුත් කෙරුණා.

“අම්මා අම්මා මේ මට” සහ “ලිඳ ලඟ සංගමය” ගීත එහි අඩංගු වූ අතර හාස්‍යය මතු කරමින් සමාජයට පණිවිඩ ගෙනෙන ගීත ශෛලියක් එහි ගැබ් වී තිබුණා.

ගීත පටිගත කිරීමේදී තාක්ෂණික ව ඉහළ තත්ත්වයකින් නිම කර තිබු මෙම ගීත සංගීත ක්ෂේත්‍රයේ අන්දෝලනයකට පත් වූ ගීත අතරට එක්වුණා.

ඉන් ලැබූ ප්‍රසිද්ධිය මත ඔවුන් 1974 වසරේ “දුන්නේ කිස් එකයි”  (I gave a kisses one)යන බටහිර ගීතයේ සිංහල පරිවර්ථනයක්.

1972 වන විට ජනප්‍රියත්වයේ ඉහළ තලයක සිටි සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස් කණ්ඩායම පියවරෙන් පියවර විවිධ අත් හදා බැලීම් උපයෝගී කර ගනිමින් 1972 වන විට “නෝනේ මගේ සුදු නෝනේ” ගීතය ද 1980 වසරේ පර්යේෂණ ගීතයක් ලෙස “කුරුමිට්ටෝ” ගීතය ද ගායනා කරනු ලැබුුවා.

1980 වසරේ එළි දැක්වූ මෙම ගීත තුළ ද ඇත්තේ හාස්‍යය මතු කරමින් සමාජයේ ඇති ගුණ අගුණ  පෙන්වා දීමකි.

1987 ඔවුන් “ලුණු දෙහි” නමින් එළි දැක්වූ ගීත 04 ක කැසට් පටය එවකට ලංකාවේ බිහි වූ ගීත 04 පළමු කැසට් පටය වුණා. 

නිතරම අත්හදා බලමින් වරින් වර ගීත එළි දැක්වූ සුනිල් පෙරේරා “ඔජායේ”, “සිංඥෝරේ”, “ලංකාවේ අපේ ලංකාවේ”, වැනි හාස්‍යයෝත්පාදන ගීත මෙන්ම ආදර ගීතද එළි දක්වනු ලැබුවා.

ජිප්සීස් කණ්ඩායම විසින් කළ”කොත්තමල්ලී” ගීතයද ජන හදවත් බැඳ ගත් ගීතයක්.

1989 Band Of The Year සහ 1990 Show Biz Personality සම්මානවලින් පිදුම් ලැබූ  ජිප්සීස් කණ්ඩායම එතෙර මෙතෙර රසිකයන්ගේ ප්‍රසාදයට හිමි වූ කණ්ඩායමක් වූ අතර වරි වර එහි සාමාජිකයන් වෙනස් වීම සිදුවුනා.

මෙහි වර්තමානයේ සුනිල් පෙරේරා සමඟ පියල් පෙරේරා, ඩෙරික්, රනිල් වාස්, ජෝර්ඩන් අතුල, දුෂාන් ජයතිලක, සාමාජිකත්වය දරනවා.

ජිප්සීස් නමින් තමන්ගේම ශබ්දාගාරයක් හිමි ඔවුන් ඔවුන්ගේම වෙළඳ නාමය වූ “ජිප්සි එන්ටප්‍රයිසස්” නමින් තම ගීත බෙදා හරිනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here